fbpx

ආණ්ඩුව එදා වේල ටුවර්ස් ආණ්ඩුවක් වී ඇති බවත් සත්‍ය විකෘති කොට අසත්‍ය පතුරවන බවත් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

ඒ මහතා මෙසේද කීය.

“මම උතුරු නැගෙනහිරට ගිහින් කීවේ මොනවද.?මම කීවේ මේ රට ඒකීය රටක්.මේ රට සෛරී රටක්.මේ රටේ සුරක්ෂිත භාවය වෙනුවෙන් අපි කැපවෙනවා කිටලයි කීවේ.ඒ එක්කම දහතුන්වන සංශෝධනය ප්‍රකාරව පළාත් සභා ශක්තිමත් කරනවා කියලා මම කීවා.මම දැක්කා ගම්මංපිල මහත්තයා කියලා තියෙනවා මගේ දිවංගත පියානන් පළාත් සභා වලට විරුද්ධ වුණා කියලා.

පළාත් සභා ක්‍රමය අපේ රටට හඳුන්වා දෙන්න මුල්වෙන්නේ මගේ දිවංගත පියානන්.එතුම  තමයි  රටේ ඒකීය භාවයට හානියක් වෙන්නේ නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුව ප්‍රකාරව  පළාත් සභා ක්‍රමය  ලංකාවට හදුන්වා දෙන්නේ.ඒ විතරක් නෙවේ එතුමා ඒ වෙනුවෙන් ඡන්දය පවා දුන්නා.  මේවා දන්නැති  ඒ ගම්මන්පිල ඇමතිතුමා කියනවා  සජිත් ප්‍රේමදාසගේ පළාත් සභා ක්‍රමයට විරුද්ධයි කියලා.  ඒ එක්කම ගම්මන්පිල කියනවා  පළාත් සභා පිළිබඳ සජිත් ප්‍රේමදාසගේ ස්ථාවරය රට හානි කරයි කියලා. ඒවගේම ගම්මන්පිල කියනවා උතුරට ගිහිල්ලා  මම කරපු ප්‍රකාශය  රටේ ඒකීයභාවයට තර්ජනයක් කියලා. මගේ ප්‍රකාශයට අනුව රට කෑලි නමයකට කැඩෙන්න පුළුවන් කියලත් කියනවා. මම ගම්මන්පිල ඇමතිතුමාට කියනවා, සත්‍ය  විකෘති කරන්න එපා.  අසත්‍ය සමාජගත කරන්න එපා. අපි ඒකීය රටක් ගැන උතුරට ගිහින් කතා කරපු අය.උතුරට එකයි,දකුණට එකයි නැගෙනහිරට එකයි අපි ගාව නෑ.අපිට දිව දෙකේ කතා නෑ.අපි දෙබිඩි චරිත රගපාන්නේ නෑ.

හැබැයි අපි අහනවා පිටරට ගිහින් තර්ටීන් ප්ලස් දෙනවා කීවේ කවුද?.ලංකාවට ඇවිත් තර්ටීන් මයිනස් කීවේ කවුද.?.

මෙහෙම දෙබිඩි චරිත අපිට චෝදනා කරන්නේ කොහොමද ?

උතුරු නැගෙනහිර ගිහින් මම කීවා පළාත් සභා වලට කාර්‍යක්ශමව වැඩ කරන්න ප්‍රතිපාදන දෙන්න ඕන කියලා.මම ඉඩම් බලතල ගැන කතා කළේ නෑ.මම පොලිස් බලතල ගැන කතා කළේ නෑ. දැන් තියෙන පළාත් සභා වෙනස් කිරීමක් ගැන කීවෙත් නෑ.

අපි ත්‍රස්තවාදයට විරුද්ධ නම්,අපි අන්‍තවාදයට විරුද්ධනම්,පළාත්සභා ක්‍රමය රකින්න ඕනා.

අපි ගම්මංපිල මහත්තයාට එකක් මතක් කරනවා.

එතුමා පාර්ලිමේන්තු එන්න කලින් පළාත් සභාවට ඇවිත් මන්ත්‍රී වෙලා,ඇමති වෙලා හිටියා.හැබැයි දැන් කතාව ඒවා අමතක කරලයි.පළාත් සභා බිල්ලෙක්නම් මොකටද එතන වැඩ කළේ.?.

අපි තව දෙයක් අහනවා.

පසුගිය ජනාධිපතිවරණය වෙලාවේ ලොකු බිල්ලෙක් ගෙනාවා එම්.සී.සී කියලා.මේ බිල්ලා ගැන ගම්මංපිල ලා ලොකූ කතා කීවා.රට හරහට කොරිඩෝවක් හැදෙනවා කීවා.අනුරාධපුර යන්නත් අමෙරිකාවේ අවසර ඕන වෙනවා කීවා.හැබැයි ඡන්දය ඉවර වෙලා ටික දවසක් යනකොට ගම්මන්පිලම කීවා ඒකේ සීයට 70ක් හොදයි කියලා.

මොනවද මේ විහිලු.

හිටපු ගමන් හිතපු මුදල් ඇමති බංදුල ගුණවර්ධන කියනවා වැඩිහිටි ගිණුමේ තැන්පතු පොලිය 15%ඉදලා8%ට අඩු කරන්න තීරණය කළා කියලා.හැබැයි අගමැතිවරයා කියනවා ඒ කතා බොරු ,එහෙම තීන්දුවක් අරගෙන නෑ කියලා.

ආණ්ඩුව රට වෙනුවෙන් දිවි දුන්න සෙබලුන්ව පාවලා දුන්නා…

විදෙස්ගත ලාංකිකයෝව මිනිස් බෝම්බ කියලා රට විරුවන් පාවලා දුන්නා.

ලෝකය දිනපු ක්‍රිකට් ක්‍රීඩකයෝ පාවලා දුන්නා.

කොරෝනා අනතුරට හමුදාව දැම්මා.

ලීසින් අරගත්ත ජනතාව පාවලා දුන්නා.

දැන්,මේ රට වෙනුවෙන් ජීවිත කාලයම කබුරපු අහිංසක ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ව පාවලා දුන්නා.

ඔය අතරේ මැයි මාසේ සෞභාග්‍යයේ ඉදිරි දැක්මේ තෑගි ලැබුණා. ඒ මාර්තු,අප්‍රේල් විදුලි බිල් එකට ලැබීම.ඒ එක්කම දඩ කොල.රතු නිවේදන පවා ආවා.

මේ රට කොතනටද තල්ලු කරගෙන යන්නේ?.

මේ රට කොහාටද ගෙනියන්නේ?.

කවුද රට පාලනය කටන්නේ ?කාගේ ප්‍රතිපත්ති ද ක්‍රියාත්මක වෙන්නේ?.

මේ ආණ්ඩුව එදා වේල ටුවර්ස් ආණ්ඩුවක්.”

Leave a comment